Background

සුබාසිරි.....!

සුබාසිරි.....!


තරු පහේ හෝල් එක වුවමනා ඉඩකඩට
බුක් කරන් වසරකට කලින් අත් පිට මිලට
තීම් එක තෝරගෙන එයට ගැලපෙන ලෙසට
අපේ කාලේ මඟුල් කන්නෙ මෙහෙමයි ජයට

නුවර එළියෙන් ගෙනෙන මල් වලට ලක්ෂයයි
සෙටි බැක් , පෝරුව , ශාලාව සමඟ දෙයි
මහළු අෂ්ඨක උන්දැ, පැකේජයෙම එයි
දෑවැද්ද බාගයක් අයට දෙන්ට වෙයි

කජු බැදුම දැම්මොතින් ප්ලේට් එක මිල වැඩියි
අතුරුපස පහ හයක්, නොතිබුණොත් හරි මදියි
බාර් එක අඩු කළොත්, මාමලා නඩු කියයි
කේක්, ඩීජේ වලට තවත් ගාණක් යටයි

අන්දන්නෙ සැලුන් එකකින් ටවුමෙ නම දරණ
ෆේෂල්ද, ක්ලීන් අප් , මාස ගාණක් කෙරෙයි
මල් බොකේ, සපත්තුද රත්තරන් ආබරණ
අම්ම-අප්පච්චිවත් ලෝකෙටම ණය කරන

පිට කොටුවෙ සාරි කඩ ඉහ මොළද හූරගෙන
අන්දවන අක්කටත් එයින් පඬුරක් ගෙවන
ඇඳපු සාරියද අඩු මිලට ආපසු ගැනෙන
වැටත් නියරත් නොවෙද අන්තිමට ගොයම කන

පෝරු මස්තකෙන් බැස කිරි බතක් කපන්ටයි
ෂැම්පේන් ෆවුන්ටන්, සව් දියත් පුරන්ටයි
උඩ පනින රූප ගෙන, ස්ටෝරි බුක් තනන්ටයි
රෙන්ට් කළ ගවුම මංගල ගමන අඳින්ටයි

රූප පෙට්ටිය නෙතග සොඳුරු අරුමැසි මවන
අවුලුවා බොළඳ පැතුමන් තුරුණු සිත දවන
ප්රේමයද ලංසුවට වෙන්දේසියේ දමන
කලියුගේ කසාදෙත් මගෙ නොවන, මගෙම වන...!

                                               
යුරාජී චාමීකරී මහින්දදාස

තෙවන වසර

ව්‍යවහාරික විද්‍යා

Categories: Share

Leave a Reply