Background

J'pura Spectrum

  • image1
  • image2
  • image3
  • image4
  • image2
  • image1
  • image4
  • image3

නුඹව සිහිවෙන විටදී මගේ හිත          සැනසුනා
නුඹේ සෙනෙහස නිසා දුක මගෙන් වෙන්වුනා
හීන ලග නවතින්න මගේ හිත              හුරුවුනා
ඒ හීන සරසන්න නුඹ මටම                   හිමිවුනා


සාගරය තරමටම ආදරෙයි නුඹට                       මම
තව විටක ආදරෙයි අහසෙ තරු                තරමටම
කවියකට පෙරලන්නෙ කෙලෙසදෝ මගේ පෙම 
ලෝකයම පෙරලමින් සොයමි පිලිතුරක්         මම


බුද්ධිමා චතුරංගි පීරිස්
කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය
තෙවන වසර



පුංචි දේටත් හඩන අැස් වලට 
තවත් කදුලු  දෙන්නට
නුඹට නම් දුක නැතිව අැති
නුඹේ සතුටෙදි මං හිනැහුනු තරම් 
තවම නුඹ නොදන්නවා අැති
ආදරය මෙතරම් වේදනාවක් බව 
මුලින් දැන සිටියා නම්
පුංචි අැස් මේ තරම් නොහඩාවී
යලිදු කිසිදින නුබව නම් නොපතමි
එහෙත් ඒ තරහකින් නම් නොවේ  
නුඹ වෙනුවෙන් හඩන්නට 
පුංචි අැස් වල තවත් කදුලු නැති නිසාය 


චේතනා මල්ෂානි
කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය
තෙවන වසර


සුබාසිරි.....!



නුඹත් 
මමත් 
දන්න 
කතාවක් 

මා 
ලියමින් 
දෙනෙතින් 
නුඹ .............

 පබැදුම : ප්‍රසාද් මධුරංග බෝම්බුවල

පෙම් කවි...


දුටු මුල්වරින් ඔහු වෙත මා ඇද         ගත්ත
පිරිපුන් මුහුණ ඔහුගේ හැඩ              ගත්ත
ඔහු සිනහවයි මා ඔහු වෙත              ගත්ත
ඔහු නිල් දෙනයනයි මා හද              ගත්ත

කළඹා ගොස් ඇත හද සිතුවිලි         බෝම
මා විමසන නමුත් නැත ඔහුගේ        ඇල්ම
දුර සිට ඉදන් යොමනා නෙතු          කැල්ම
හද කිතිකවයි වරකදි බලනා           බැල්ම

කුමක් කරන්නද ඔහු ගෙන ගොස් ඇත මා          නින්ද
වදනක් දොඩමළු වන්න ලැබුනොත් ඇත           නින්ද
අහිමිව ඇත සැනසුම ඔහු රුව හෙයින් සිත         බැන්ද
වන්නට පතමි මතුදා ඔහුගේ පෙම හද               බැන්ද

හිත ගිය දුරක් ඉකිබිද කදුළු                   සලා
අහසත් පොළොවත් එක මග නොවුනි    වලා
දැවටී වෙලී යනු එක මග අත්                පටලා
පතනා නමුත් සිතිජය මිරිගුවකි              බලා

හද තුටු වු තරම් මල් සිහිනෙක                      පැටලීලා
ලියාලා ඇත බොළද කවි එළිවැට                  තියලා
සිහිනෙන් නමුදු සිතිජය එක් වුනිද ප්‍රේමෙන්    වෙලිලා
යළිදු ලියාවිද මා පෙම් කවි වල්මත්                වීලා


මාණී...



දරු සෙන‍ෙහස






The candle sparkles in daylight,
its carved surface, the glittery smiles.
With light gathered from day time
and into the thick black night

It is lit with fire from inside,
slowly undoing the darkness
Tear fills a pool beneath itself,
melting down the glitter and shine.

The clock ticks and its efforts fade,
the undone darkness comes to life.
The beauty is no more,
the hours long gone

Its moisture all hardened
exists an ugly puddle
It is no more a beauteous candle
but lies all still, undesired.

It might have another chance to light another night
but who will be generous enough
To retouch its carvings, the glittery smiles
be a growing dusk to a hopeful darkness.

~Madurangi Niunhella~
~Faculty of Applied Sciences~



තුරු හිස්පත් සැලෙයි මඳ පවන        වැදුනාම 
ගඟ වුවත් සැරයි දිය ඇල්ල ලඟ             දාට 
තරු කැටත් බයයි ඉර අහසේ           රැඳුනාම
නුබට නැහැ කිසි වගක් මගේ හදේ    මුරගෑම  

සුදු වුවත් කුමුඳු මලට, නෑ සොඳක් ඉර      ගාව 
රතු වුවත් නෙළුම් මලට පැසසුම් හැම        දාම 
විල් පතුල දුර වුවත් සසලයි මල              ගාව
කවි පදත් මදි වේයි ඔබේ නෙත දුටු         දාක

 පිනි පොදත් හැඩ වෙයි රෝස මලට      වැටුනාම 
විල් තලය සැනසෙන්නේ  දිය රැල්ල    නැගුනාම 
ඉර වුනත් බැස යන්නේ සඳ එලිය           දුටුවාම 
හදවතත් විමසන්නේ ඔබ එන්නේ          කවදාද

විහඟුන්ට ගී කියන්න වසන්තයම        ඔනෑද 
රංචුවට ඉගිලේන්න අරමුණක්ම       තිබුනාද
මැන ගන්න ආදරය මිනුම් දඬු         ලැබුනාද
එහෙනම්....
නුඹ හදට පෙම් කරන්න අවසරම      ඕනෑද


චතුර අශාන් 
දෙවන වසර 
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය





"මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ"

............................................කියල කිව්වට අපි හැමෝම දන්නවා, හැමදාම එක වාගේ නැති ජිවිතේ හැමදාම එක වාගේ හිනා වෙලා ඉන්නවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම දෙයක්.. ඒත් කව්රුදෝ කියනවා වගේ මතකයි නොමිලේ දිය හැකි එකම වස්තුවට ලෝභ කරන්න එපා කියලා. ඒක නොමිලේ දීලා තියෙන්නේ ලෝකෙටම බෙදන්න මිසක් දත් ඇඳි දෙකයි තොල් අතරෙයි හිර කරන් ඉන්න  නෙමේලු.. ඒකත් ඇත්ත තමා..

මුළු ලෝකෙම තරඟයක් වෙලා..මල්ලි කෙනෙක් මාත් එක්ක කිව්වා වගේ මතකයි තරඟයක් නැති ජිවිතේ කණුවක් දිගේ වතුර ගලනවා වගේ කියලා. කිසිම ලස්ස්සනක් නෑ. ඒත් ගඟකින් ඇලකින් ඒ වතුරම ගලද්දී කොච්චර ලස්සනද...? මම තරඟකාරිත්වය කියන්නේ අභියෝග... දහසක් අභියෝග මැද හිනා වෙලා ඉන්නවා කියන්නේ කොච්චර සුන්දර දෙයක් ද...? හිනාවේ උල්පත සතුටයි.. දුකට හිනා වෙන මිනිස්සු නැතුව නෙමේ.. ඒත් ඒ හිනාවෙන් තව කෙනෙක් හිනා වෙනවා නම් එතන තියෙන්නේ සතුටක උල්පතක නේද...? ජිවිතේ ජිවත් කරවන්නේ සතුට.. දුකක් එක්ක ඉන්න මිනිහෙක් මම මැරී මැරී ඉපදෙනවා කියල මිසක් ජිවත් වෙනවා කියලා කියන්නේ නෑනේ. මිනිස්සු අඬවන එක ලේසි.. ඇඟිල්ලෙන් ඇන්නාමත් අඩන්නේ.. ඒත් හිනාවෙලා ඉන්න එකයි හිනස්සන එකයි අඬන තරම් ලේසි නෑ... ඇඟේ තියෙන සියලු රෝග තුරන් වෙලා නිරෝගී වෙලා මහත් වෙනවා කියලා කියන්නේ මේ මෑතකදී නෙමේනේ..

හිනාව උනත් එක එක වර්ග තියෙනවනේ.. මහා හයියෙන් කෑ ගහලා හිනාවෙන්න පුළුවන්.. ලාවට හිනා වෙන්නත් පුළුවන්.. ඔය කාන්ත පාර්ශ්වය වගේ අතින් කට වහන් හිනා වෙන්නත් පුළුවන්.. අන්න ඒක නම් කවදාවත් කරන්න එපා.. ඔබේම හිනාවට ඔබේ අතින්ම කඩුලු බදින්න එපා.. ඔහේ නිදහසේ ගලාගෙන යන්න දෙන්න. ඒ වෙලාවට නිසැකවම ඔබට හිතේවි මල් පාට මල් හිනයක්දෝ ජිවිතේ කියලා.....?රැස්වීමක් මැද, ප්‍රසිද්ධ වේදිකාවක මහා හයියෙන් හිනා වෙන එක අශිලාචාර වෙනවනේ. ඒ වගේම පාරේ මහා හයියෙන් හිනා වේවි ගියොත් අංගොඩ යන්නත් වේවි.. ඒක නිසා අවස්ථාව තේරුම් අරන් හිනාව වා තලයට මුසු කරන්න..

හැල්මේ දුවන ජිවිත වලට හිනාව ග්ලුකෝස් වගේ. එක පාරටම ශක්තියක් දැනේවි.. ඒත් ඒ හිනාව සමච්චලයෙන් තොර වුවක් නම් විතරයි..දහසක් දෙනා හමු වෙද්දී ඔබේ මුවින් ලෙන්ගතු මද සිනහවක් පහල වෙන්නේ නැති නම් ඒ ඔබේ අඩුවක්.. ඔබේ සිනාවට ඔහේ පා වෙලා යන්න දෙන්න. සුළඟ වගේ ගලා ගෙන යන්න දෙන්න. කව්රුවත් නවත්තන්න හදන්නෙත් නෑ.. කව්රුවත් එපා කියන්නෙත් නෑනේ... ඒ හිනාව ලොවක් සුවපත් කරවී.. දැන් කියන්න එපා හරි මම කාත් එක්කද හිනා වෙන්නේ කියලා..? මුලින්ම පවුලේ අය එක්ක හිනා වෙලා ඉන්න.. ඒ හිනාව මගතොටටත් බෙදන්න.. (ඒත් ඔය පැණි හිනාවා දාන්න ගිහින් කාන්තාවන්ගෙන් හිංසනයන්ට ලක්වීම පිලිබඳ වග කියනු නොලැබේ.) ඔබේ මිතුරු මිතුරියන්ට.... අවසානයේ මුළු සමාජයටම...

ඔන්න ඕකට තමා සරල සිංහලෙන් මෛත්‍රිය කියන්නේ.. සිනහාවේ දෙවෙනි පියවර තමා මෛත්‍රිය...

මේ හිරිමල් වයසේ ඉන්න මටත් කොහෙන් ගියත් ආදරය ගැනත් ගෑවෙනවමනේ.. අමතක කරන්න එපා දියමතියක් සේම පාටින් දිලෙන මගේ හිතේ විතරක්ම නෙමේ ඔබේ හිතෙත් මිහිරි හැඟුමක් මවන සරල සුන්දර සංකීර්ණ භයානක සිතුවමක්නේ ආදරය කියන්නෙත්... ඔහේ අන්ද මන්ද වෙලා ඉන්න ඔරවා ගෙන බුම්ම ගෙන ඉන්න කෙනෙක් ගැන ආදරයක් හිතුනොත් මට හොඳටම විස්වාසයි ඒ මනුස්සයාගේ ආදර නහරයේ යම් කිසි රෝගකාරී තත්වයක් තියෙනවා කියල.. කසාද බදින්න හරි යාළුකමට හරි ආදරයක් හිතේවිද ඔය වගේ ඔරවන් ඉද්දි...? මට නම් එපා වෙනවා..(ඒත් ඉතින් මම එක්ක ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නේ...) ඒක නිසා හිනා වෙලාම ඉන්න(මට එපා වෙන නිසා නෙමේ, ලොවට එපා වෙන නිසා).

ලොවට පෙන්නේ නැති මහ රෑක අඬලා දුක වළලලා දාලා ඉර පායන මල් පිපෙන හැම උදේම ආදරය හිතෙන හිනාවකින් මුව සරසා ගෙන දොර අරින්න.. එහෙමත් නැතිනම් එලියට බහින්න.. සුවඳ විලවුන් දහසකටත් වඩා අලුත් විලාසිතා කෝටියකටත් වඩා ඔබට ආකර්ෂණිය බවක් ලෙන්ගතු කමක් ඒ හිනාව ගෙනේවි. දත් නැති ආච්චිලගේ හිනාව සීදේවි නම් දත් නැති අත දරුවාගේ හිනාව සුරතල් නම් ඔබේ මුව කොහොම උනත් හදවත සමච්චලය කුණු කන්දල් පුළුස්සලා ලෙන්ගතුකම් දුම් දල්වලා නම් අනිවාර්යයෙන්ම සීදේවි කමත් සුරතල් කමත් අතර ඔබේ සිනාව දෝලනය වේවි.. ලෝකයට ආදරණිය බවක් එකතු කරන්න.. ඔබේ සිනහව තහනම් කරන්න කාටවත් බැරි වේවි..

"එන්න, හිනහෙන්න මා එක්ක මේ ජිවිතේ......."

මුදිත සුදාරක
ව්‍යවහාරික විද්‍යා පීඨය
දෙවන වසර


රිද්මය හමුවේ මැවෙන්න වු චලනයන් ගෙන එන්නේ නෙතට සුවදායි වු හැඟීම් සමුදායකි. ප්‍රකාශන මාධ්‍යක් ලෙසින් සිය පළමු පියවර තැබු නර්තනය මේ වන විට  නේක විද චලනයන් ඔස්සේ සම්ප්‍රදායන් බිහිකර අවසානය. ගෝලීයකරණයෙන් සම්පිණ්ඩනය වු ලෝක වපසරිය මත නර්තනය විශ්වීය මාධ්‍යයක් ලෙස නව්‍යතාවයෙන් සුසැදී මනුෂ්‍යයෙකු බිහි කිරීමෙහි උර දෙන්නා වු ප්‍රභවයකි. ශ්‍රී ලාංකීය නර්තන ව්‍යාප්තිය තුළ උඩරට පහතරට හා සබරගමු ආදී වු මහා සම්ප්‍රදායන් ත්‍රිත්වයට අමතරව ඉන්දීය නර්තන සම්ප්‍රදායන් වන භරත නාට්‍යම් හා කථක් නර්තන සම්ප්‍රදායන් ද්විත්වයද මුලසුන් දරමින් කරළිය මත රංග පූර්ණ, භාව පුර්ණ හා නෙත් සිත් පැහර ගන්නා වු අපුර්ව වින්‍යාසයක් ලෙස ලෝක ව්‍යාප්තිය කරා විසරිත කරන්නට ලැබීම ලාංකිකයෙකු ලෙස අභිමානයට තුඩු දෙන කාරණයකි.

මානවයෙකු ලෙස බිහි වන සිය ප්‍රථම අත්දැකීම වන කලලීය අවස්ථාවේ සිට ඇරඹි රිද්මයේ සිට නිර්මිත සංගීත ඛණ්ඩය දක්වා චලනයන් ඔස්සේ සුසැදි නර්තනය විශ්ව විද්‍යාලීය මානවයෙකුට මානවිකාවකට නුහුරු නුපුරුදු භාවිතාවක් නොවේ. එකී යෞවනයේ භාවිතයක සම්ප්‍රදායේ සීමා බන්ධන වලට සිර නොවී නව්‍යතාවයෙන් යුත් සුභාවිත අරුතක් එක් කරමින් කලාකාමී සංවේදී නිර්මාණශීලී උගත් තරුණ පරපුරක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් දැයට දායාද කරන්නට වෙහෙසෙන කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් දියත් කල අන්තඃ විශ්ව විද්‍යාලීය නර්තන තරඟවලියේ අවසන් මහා තරඟය, “රූ නද”  30 වෙනි දින (හෙට ) සුමංගල කියවීම් ශාලාවේදී දී පැවැත්වේ. 

ස්වකීය නිර්මාණ ප්‍රතිභාව එළිදක්වමින් උඩරට පහතරට සබරගමු භරත හා කථක් අංශ ඔස්සේ තරඟකරුවන් 15දෙනෙකු උරෙන් උර ගැටෙන නර්තන උළෙලෙහි කුසලතාවයන් සපිරි දක්ෂයන් අතුරින් සුදක්ෂයන් තෝරා දෙන්නට කලාශූරී ආචාර්ය පියසාර ශිල්පාධිපති මහතා, කලාශූරී පද්මිණී මානෙල් දහනායක ආරියදාස මහත්මිය හා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනක කෝට්ටේගොඩ මහතාගෙන් සැදි ප්‍රබුද්ධ විනිසුරු මඩුල්ලකින් “රූ නද” රාත්‍රිය වර්ණවත් වීමට නියමිතය. සිංහල දෙමළ මුස්ලිම් සහයෝගීතාව ඔප් නංවමින් අන්තර් ජාතික සංවර්ධන සංවිධානයේ දායකත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක HETC ව්‍යාපෘතියෙහි අනුග්‍රහයෙන් දියත් වු "රූ නද" නර්තන තරඟාවලිය නර්තනයට ලැදි විද්‍යාර්ථින් ලද මහඟු අවස්ථාවකි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතා, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශ ලේකම් වසන්ත ඒකනායක මහතා, ප්‍රවීණ නර්තනාචාර්ය රවි බන්ධු විද්‍යාපති මහතා ඇතුළු ගෞරවණීය ආරාධිතයන් රැසකගේ ආලෝකමත් වන "රූ නද'' නර්තන තරඟාවලියෙහි අවසන් වටය වර්ණවත් රාත්‍රියක් වනු නොඅනුමානය.  

HETC ව්‍යාපෘති නියෝජ්‍ය සම්බන්ධීකාරක ආචාර්ය චාමලී නාහල්ලගේ මහත්මියගේ පුර්ණ අධීක්ෂණ‍ය යටතේ කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ක්‍රියාවට නැංවු “රූ නද” තරඟාවලියෙහි කූඨප්‍රාප්තිය සනිටුහන්වන් 30 වන බුද දින (හෙට ) පස්වරු 5.00 කණිසමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවට සුභාවිත නිර්මාණශීලී නර්තන රාත්‍රියක සුවපහස විඳින්නට ඔබ සැමට ගෞරවයෙන් ආරධනා කරයි. 

මතු දිනෙක ශ්‍රී ලාංකීය නර්තන කලාව විශ්ව නර්තන කරළියෙහි ‍යළි ‍යළිත් බබළවන්නට හෙට දින “රූ නද” කරළියෙහි රඟ දෙන ඔබ සැමට ජයග්‍රාහී රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්නෙමු.

මුදිත සුදාරක
ව්‍යවහරික විද්‍යා පීඨය
දෙවන වසර




ජලය ජීවිතයේ අඛණ්ඩ පැවැත්මට කෙතරම් වැදගත් ද? එහෙත් ජලය ජිවිත පැවැත්මට එහා මානයක හිඳිමින් කෙනෙකුට ආත්මාභිමානයට තුඩු දෙන ආභරණයක් වුවා යැයි කිවහොත් ඇතැම් විට එය විහිළුවක් විය හැකියි. නමුත් ජලය සමඟ ගනුදෙනු කොට පිහිනීමෙන් ලද ස්වකීය ආත්ම අභිමානයෙන් නොනැවතී ශ්‍රී ජයවර්ධනපුර සරසවි මාතාවගේ ගෙලද රනින් සරසවමින් පසුදින නිමාවට පත්වු අන්තර් විශ්ව විද්‍යාලීය පිහිනුම් තරඟාවලියේදී නව තරඟ වාර්තා 4ක් පිහිටුවන්නට සමත් වු හෙට දින ලකඹර රනින් සරසවන බවට සුභ නිමිති ගෙනන විද්‍යර්ථියෙකු සමඟ කතා බහකට "ජ'පුර තරු" ඔස්සේ  අපට හැකි වුණා.


  • නම කිව්වොත් :- කෞශාල් ප්‍රදීප් මානවඩු (කව්වා)
  • ගම :- කොට්ටාව
  • පාසැල:- ශාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන
  • පවුලේ විස්තර ගැන කිව්වොත්:- තාත්තා රුවන් මානවඩු. ඔහු ජාතික පිහිනුම් කණ්ඩායමේ හිටපු  පුහුණුකරු ලෙස කටයුතු කලා. එතකොට අම්මා, නිර්මලා මානවඩු. ඇය ගෘහණියක්. නංගි තවම පාසල් අධ්‍යාපනය ලබනවා.  
  • පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වුණේ:- ඒකට හේතුව මගේ තාත්තයි. පොඩි කාලේ ඉඳලාම පීනන්න අවස්ථාව ලැබුණේ තාත්තා පුහුණුකරුවකු වූ නිසයි. අම්මත් ගොඩාක් උදව් කළා. එහෙම පීනලා මුලින්ම පාසලේදි දෙක වසරෙදි පාසල් පිහිනුම් කණ්ඩායමට ඇතුළු උණා.. එදා ඉඳන් එන ගමන මේ.......  
  • වඩාත් කැමතිම පිහිනුම් ආර:- සමනළ ආර
  • පාසැල් කාලය, ජයග්‍රහණ ගැන කතා කලොත්:- අධ්‍යාපන කටයුතුත් කලා.. ඒත් හිත තිබුණෙම පීනන්න තමා. 2002දි 10න් පහළ සමස්ත ලංකා සමනළ ආර ශූරයා වුණා. එතැන් ඉඳන් දිගටම සමස්ත ලංකා තරඟ ජයග්‍රහණය කලා. කාලයක් මගේ දක්ෂතා අඩු වුණා.  ඒත්  මම දිගටම පුහුණු වීම් කලා. ආයෙමත් 2011 දි සුපුරුදු දක්ෂතා අතරට එන්න පුළුවන් උණා. 2012දි ශ්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. ඒ වගේම සැතපුම් 2, 6 තරඟත් ජයග්‍රහණ‍ය කලා.
  • විදේශ සංචාර එහෙම :-  2007 දි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ජුනි සඳහා පකිස්තානයට ගියා.  ගිය අවුරුද්දේ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට රුසියාවට ගියා.
  • එතකොට විශ්ව විද්‍යාල ජීවිතේ:-ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පාඨමාලාව හදරන්නේ. විශ්ව විද්‍යාල ජීවිතේ හොඳයි. හොඳ යාළුවො සෙට් එකක් හම්බුණා. ක්‍රීඩාවට කොහොමත් සම්බන්ධ නිසා ගොඩක් පහසුයි. ඉගෙන ගන්න දේවල් වල තාක්ෂණික යෙදීම් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මගේ දක්ෂතා වර්ධනය කර ගන්න.
  • මේ වෙද්දි වාර්තා රැසකට උරුම කම් කියනව නෙහ්.. ඒවා මතක් කලොත්:- 
අන්තර් විශ්ව විද්‍යාල පිහිනුම් තරඟාවලිය (2014)
  1. 50 සමනළ ආර - 26.55s
  2. 100 සමනළ ආර - 1.01.18s
  3. 50 ළය ආර - 33.44s
  4. 4x100 මිශ්‍ර ආර සහය  - 4.46.27s
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල  ක්‍රීඩා (2013)

  1. 50 සමනළ ආර - 27.50s
  2. 100 සමනළ ආර - 1.03.27s
  3. 100 පසුපස ආර - 1.09.30s
  4. 4x100 මිශ්‍ර ආර සහය - 5.04.70s
  • පීනන්න විතරමද පුළුවන් කියලා ඇහුවොත්:- ම්ම්ම්ම්ම් නෑ... දුර දුවන්නත් පුළුවන්. තව බාස්කට් බෝල් සෙල්ලම් කරනවා. පීනන්න තමා වැඩියෙන්ම ආස.
  • කැමතිම ක්‍රීඩකයා:- අශේන් ප්‍රනන්දු අයියා. ඉස්සර ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම කැමතිම ක්‍රීඩකයා උණේ එයා. අදටත් එහෙම්මමයි.  
  • සහයෝගය දෙන අය:- තාත්තා තමා නිරතම පිටි පස්සෙන් ඉන්නේ..  අම්මා, නංගි ලොකු සහයක් දෙනවා. කැම්පස් එකේ පුහුණුකරු කිත්සිරි සර්, අශේන් අයිය, පුන්හස අයියා ඇතුළු කණ්ඩායමේ හැමෝම..  මාත් එක්ක අධ්‍යාපන කටයුතු හදාරන මගේ යාළුවෝ සෙට් එක ලොකු සහයක් දෙනවා.. ඒ හැම දේටම ගොඩාක් ස්තුතියි.
  • සහය දෙන්න විශේෂ කෙනෙක්:-  තාම නම් නෑ. ඉස්සරහට බලමු. (ලඟ හිටපු ‍යාළුවෝ කතා ගොඩක් කිව්වා.. ඒවා ගැන අපි විමසිල්ලෙන් )
  • අනාගත බලාපොරොත්තුව :- swimming and Condition පුහුණුකරුවෙක් වෙන්න.
  • ආයේ මුණ ගැහෙනකම් දෙයක් කිව්වොත්:- කැපවීමයි උනන්දුවයි තියනවානම් අභියෝග ජයගන්න පුළුවන්. හදිසි වෙන්න එපා. මේක ලේසි ස්පොර්ට් එකක් නෙමේ. අපේ රටේ මිනිස්සුන්ගේ බොඩි ෆ්‍රේම් එක නිසා ගොඩක් කල් යනව වර්ල්ඩ් ලෙවෙල් එකේ මොනව හරි කරන්න. ඒක නිසා ගොඩක් කල් පුහුණුවීම් කරන්න වෙනවා. 
"පීනන්න ඉගෙන ගන්න මගෙන් උදව්වක් ඕනෙ නම් ඕනම උදව්වක් ඉල්ලන්න.. "


එළඹෙන හෙට දවසේ ශ්‍රී ලංකා සිරසෙහි රන් කිරුළු පළඳවන්නට ඔහුගේ දස්කම් දිනෙන් දින දියුණු වේවා යන පැතුමෙන් අපි සමුගත්තෙමු.

ලිව්වේ:- මුදිත සුදාරක
ඡායාරූප සහය :- චානුක පෙරේරා සහ දර්ශන අධිකාරී 





මං ගැනම තරහෙන්
එකතුවෙන දුකකින්
බලන් හිටිය මම
දුර ඈත කවුලුවෙන්

සුදු පිටුවෙ බැබලෙමින්
කලු අකුරු ඔච්චමින්
අහනවා හෙමි හෙමින්
දන්නැද්ද එකක්වත්?

වෙනදාට වේගයෙන්
නොනැවතී ඉගිලෙමින්
ගියපු තත්පර කටුව අද
පැය කටුව පසු පසින්

පාඩමක් නොකෙරුමෙන්
කළා වූ අකුසලෙන්
කෙලවුනා මට
විභාගය හොඳ එකෙන්

අදත් මං එදා මෙන්
හිතාගත්තා වැරෙන්
ලියනවා අනික්වර
විසි වෙන්නම  දොඹෙන් 

සමිත ගීගනගේ
ව්‍යවහාරික විද්‍යා පීඨය
තෙවන වසර



හද වෙත සොඳුරු හැඟුමන් පොදි රැගෙන    එන
එලෙසම මගෙම හද නුඹ වෙත රැගෙන        යන
පෙරදින දිනක ඔය වතමල දුටුව                 දින
හදවත නැවත නාවේ කිම කියනු                මැන

කසගස් යාය එනතුරු සිය දෙනෙත         හෙලා
පෙරමග සිටී වත දකිනට නුඹව                බලා
එන්නට නුඹගෙ මුදු අත ගෙන පාද            සලා
දෙනු මැන වරම හදවත දැන් නුඹගෙ        වෙලා

දෑතින් දෑත පටලා පෙරමග යන්             ට
නුඹෙ හද මතම මගෙ හදවත සත පන්     ට
සයුරට වෙරල සේ නුඹ සිත ලග  ඉන්      ට
මට හිමි වරම මගෙ හදමල වෙත දෙන්    ට

මගෙ හද මඩල මගෙ වත හැර ගිය         දාම
තවමත් සිසිලසයි හද නැති ලය             තාම
පෙරුමන් පුරා ලැබගන්නට හැම           දාම
මට හිමි වරම නුඹ ලගමද? එහි              තාම

හසිත කළුආරච්චි 
පළමු වසර 
ව්‍යවහාරික විද්‍යා පීඨය

බැහැගෙන යන ඉරේ ලා රත් පාට කිරණ පොදිය, බණ්ඩි ගොයමෙන් බාගයක් යට කරගෙන රැළිති නගන කුඹුරෙ වතුර කඳට වැටිල ලා රතු පාට දිස්නයක් එක්ක ඇස්වල වදිනව. ඈත කළු-කොළ පාට කඳු වළල්ල පැත්තෙන් හමන හීතල හැන්දෑ හුළගින් බෝ ගහේ කොළ පොකුර කණටයි, ඇහැටයි, හිතටයි මිහිරි, 'සිලි සිලි' හඬින් සෙලවෙනව. ඒ මිහිරි සිලි සිලිය, බෝ ගහ දිගට ගැට ගහපු නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට කොඩිවැල් පේළිවල වැදිල 'පට පට' ගාල පුපුරනව. 'ක්‍රිශාන්තගේ ග්‍රහ අපල, නිමාලිගේ සෙනසුරු අපල, සංජීවගේ රාහු අපල..' ඒ කොඩිවල කළු පාට කැත අකුරුවලින් ලියල තියෙන හැටිත් හොඳට බැලුවහම පේනව. හඳුන්කූරු අහුරු පිටින් ගහපු හඳුන්කූරු භාජනේ පිසගෙන, අර 'සිලි සිලි' හුළඟ හමනව. යන්තමට සායම් ගිය, පතුරු ගිය, කළු බැඳුන වට්ටිවල පීරිසිවල තියල පූජ කරපු නා නා විධ මල්වල වැදෙන ඒ හුළඟ හෙමිහිට අපේ නාස් පුඩු අතරින් පෙනහළුවලට යනව. ඒ සුවඳට ම රත් වෙච්චි පහන්වල තෙල් සුවඳත් එකතු වෙලා අපූරු සුවඳක් හදනව. 'පන්සල් සුවඳ' කියන්නෙ ඒ සුවඳට!

බෝ මළුවෙ වැලි තලාවෙ හීනි හීනි වැලි කැට කකුල් කිති කවනව. අපේ අඩි පාරවල්, ඇඟිලි පාරවල් වැලි තලාවෙ සටහන් වෙලා කුඹුරෙ වතුර කඳ වගේ ම වැලි තලාවෙත් රැළිති රැළිති පේන්න ගන්නව. ගලවන්න බැරි වුණු කළාඳුරු, උඳුපියලිය පැළ තැන තැන ඉතිරි වෙලා තියෙන බෝ මළුවෙ තැන තැන බැතිමත්තු වැඳගෙන කපුරාළ කියන ගාථා එකින් එක කියනව.
වයස අවුරුදු 45ක් විතර වෙන කපුරාළ සුදු පාට කපු කමීසෙයි සුදු පාට සරමයි ඇඳල පොඩි බංකුවක වාඩි වෙලා බෝධි පූජා කවි කියනව. සුදු කමීසෙ තුනී කම අතරින් එයා සරමට උඩින් බැඳන් ඉන්න කළු පාට පටිය යාන්තමට පේනව. බෝධි පූජා, බුද්ධ පූජා, බහිරව පූජා කරවගත්ත කට්ටිය දීපු සල්ලිවලින් කමීසෙ උඩ සාක්කුව පිරිල තියෙන හැටිත් හොඳට බලද්දී පේනව!
'උඩ මළුවේ බෝ හිමි වැජඹෙනවා...." කපුරාළ උගුරෙයි, නළලෙයි, බෙල්ලෙයි නහර උලුප්පගෙන හයියෙන් කවි කියනව. එකපාරටම කපුරාළගෙ ඉණේ බැඳපු පටිය අස්සෙන් ඉලෙක්ට්‍රොනික හඬක් ඇහෙනව! ඒ හඬ ජනප්‍රිය ආදර ගීයක බව, කපුරාළ කීවාට පසු 'උඩ මළුවේ බෝ හිමි වැජඹෙනවා...." පදය ගයලා, ඊළඟ පදේ කියනකම් කපුරාළ දිහා බලන් ඉන්න බැතිමතුන්ටත් ඇහෙනව. කපුරාළ කලබලේට ඉණ පටියෙ රඳවල තිබුන නවීන ස්මාර්ට් දුරකථනය එලියට අරගෙන අමාරුවෙන් මොකක්දෝ ඔබල කණේ තියාගන්නව!
'හෙලෝ! මං මේ පූජාවක ඉන්නෙ. පස්සෙ ගන්නම්!!!!!' කපුරාළ සද්දෙට කියනව!
බෝ ගහේ කොළවල සිලි සිලියට යටින් සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියල ලියල තියෙන කොඩි වැල් පේළිය අතරින් බුදු හාමුදුරුවො කරුණාබර හිනාවක් පානව මට පේනව!


පබසර ගුණවර්ධන
ව්‍යවහාරික විද්‍යා පීඨය
සිව වන වසර




නිසංසල ගං ඉවුර මත ගෙවුණු සැදෑවක,

ඔබ ඇවිත් මට කීවා ,

යන බවට කොළොම්තොට ,

නෙතඟ කදුලැලි තියන් පැතුවේ මම,

බුදුසරණ.

මාසයකුත් දවස් එකක් ගතවුණු විටක,

නුබ ආවා ගම්රටට ,

කලිසමක් ඇඳ හිරට.

එයින් පසු වසරකුත් දෙදවසක් ගිය විටෙක,

නුබ ආවා ගම්රටට ,

තවත් කලිසමක් එක්ක.

එයින් තව වසර තුනකුත් තෙදවසක් ගිය දිනක,

නුබ ආවා ගම්රටට ,

පුංචිම පුංචි නිල් පාට කලිසමක් එක්ක.

ඒත් ප්‍රිය සොඳුරියේ ,

මම තාම ගං ඉවුර මත ඉඳන් ඉන්නවා,

දකින්නට ඔබේ රුව,

නැතුව හිර කලිසමක්,

ඇතුව රතු මල් ගවුම..............



W.A.චාමර ප්‍රසන්න .
තෙවන වසර.
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය.

පළමු වසරේදි අපි,

ගොඩනැගුවආදරය,

දෙවන වසරේදී අපි,

රසවින්දා ඇති පමණ ,

තෙවන වසරේදී අපි,

රණ්ඩුවුණා හොඳහැටිම.

සිව්වැනි වසරේදී අපි,

වෙන්ව ගියා දුරකටම,

වැටහුනේ එකම එක දෙයක් මට අන්තිමට

අප සතුව කිසිදිනක තිබී නෑ
පිවිතුරුම? ආදරය.....................................................................


W.A.චාමර ප්‍රසන්න
තෙවන වසර.
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය.

නුඹ ඇතත් දකින හැම වර 
සිනහසීලා 
දුකක් ඇති බැව් දනිමි 
සිරවීලා 
හේතුවත් අහේතුවත් අතර හද 
නැවතීලා
නුඹේ බුද්ධිය ඇත හදට 
පිටුපාලා 

තෙරපුනත් දෙහදෙ තතු තොග 
ගණන් මිරිකීලා 
හමු වුවත් නෙතු නුඹේ මුව 
 ඇත නිහඬවීලා 
හද දනිත් අවැසි බැව් යනනට 
සිතින් මිදිලා 
නුඹේ බුද්ධිය ඇත හදට වැට 
කඩොළු බැඳලා 

මුදා නොහරින හැඟුම් පෙළ 
යළියළිත් තෙරපීලා 
පෙළන හද ඇත තවතවත් 
වෙහෙස වඩවාලා 
දන්නා නමුදු මා මෙන් නුඹත් එය 
හද පාරවලා 
 සතුට ඇත රැදුණ මොහතක 
හදට ඉඩදීලා 

 මාණි.....





කුළුණු ගුණ ඇති කදිර සාමිනි,

අසනු මැන දෙසවන යොමා,

ඔබේ සුර යානාව වූ පිය,

හිමිට වන් විපතට, මෙමා...



කඳ සුරිඳු වැඩ වසන රුහුණේ

මයුර කුලයක ඉපදුනේ,

මන බඳින නාඹර තුරුණු විය

තවම නැහැ අහවර වුනේ...



දූපුතුන් සුරතල් බලාගෙන,

අඳුරු බෙනයක, දුර වනේ,

හදේ සෙනෙහස කූඩු කරගෙන

තුටිනි අප ජීවත් වුනේ...



එකවනම මහ අමුතු හඬකින්

හාත්පස දෙවනත් වුනා,

අලුත හැදු අධිවේග පාරට,

අපේ ඉඩමත් යට වුණා...



පාර අද්දර මිනිස්සුන්ටත්

වන්දි මුදලක් හිමි වුණා,

අහන්නට කවුරුවත් නැති තැන

අපට නඩුවක් නැති වුණා...              



ලදරු කුස, ගිණි නිවනු පිණිසයි,

පාන්දර ඔහු ඉගිලුනේ,

කතරගම යන මැතිගෙ රියකයි,

අහෝ, මරුවා පැමිණුනේ.....!



අනේ මා පෙම් කළ සොඳුරු වත

ලෙයින් නැහැවී යනු පෙනී,

ලයේ මතුවුණු විලාපයකින්,

රියේ හඬ යටපත් වුනී...



කුළුණු ගුණ ඇති කදිර සාමිනි

මගේ දුක වෙත නෙත යොමා,

දරුණු කම් කළ කුරිරු උන් හට

අනේ නොම දෙනු මැන සමා...



මගේ පෙම්වත නැසූ මැති සඳ

බොහොම බලගතු වෙන්ටැතී...

ඔබේ රිය වනසන්ට ඔහුගේ

රිය සකක් හොඳටම ඇතී....!


-යුරාජි චාමීකරී මහින්දදාස-