Background

අප ගැන

J’pura Flames කියන නමින් ඉපදුන පුන්චි Phoenix පක්ෂියා මෙලොව එලිය දුටුවේ හරියටම මීට අවුරුද්දකට විතර කලියෙන්. මුලින්ම ජ'පුර ක්‍රීඩා සංගමේ ඉල්ලීමකට වෙබ් අඩවියක් විදියට ජ'පුර ගින්දර කියන නමෙන් නිර්මාණය වෙන්න තිබුනත් අපි හිතුව වෙනස් ආරම්භයක් ලබාගත්තොත් ඒක වඩාත් හොද වඩාත් නැවුම් දෙයක් හැමෝටම ලබාදේවි කියලා. එ නිසාම අපි හිතුවා ජ'පුරේ කොල්ලො කෙල්ලොන්ගේ දක්ෂතා ලොකේටම පෙන්වන්න පුලුවන් අපුරු වේදිකවක් නිර්මාණය කරල දෙන්න. ඒ පුන්චි ප්‍රාර්තනාව හිතේ තබාගෙන නිර්මාණය කරපු අපූරු වේදිකාව තමයි ඔබත් අපත් අද වෙද්දි ඉතා ආදරයෙන් වැලඳගන්න මේ J’pura Flames.  මුල්ම අවදියෙදි   J’pura Flames  හා සබැඳුනු සියලුම තාක්ෂනික කටයුතු කරට ගෙන කටයුතු කලේ නිලේන්ද්‍ර සරත්චන්ද්‍ර,වත්සල කරුනාතිලක,හරිත් කෝසල. J’pura Flames  කියන සුන්දර නම ලබාදීම වගේම මුල් අවදියෙදී සියලුම සංස්කාරක කටයුතු හා රචනා අංශය සම්බන්ධිකරනය කලේ රජිදු ප්‍රභාශ්වර.එමෙන්ම මුල් අවධියේ දී විශාල වශයෙන් සහය වුනු පුන්සර ජයතිස්ස,චරිතා පබසරානි,චරිත් මදුශන්ක මතක් කල යුතුමැයි.

ඉතා කෙටි කලයක් තුල ලබාගත් සීග්‍ර දියුණුව හේතුවෙන් J'pura Flames තුලට තව තවත් සාමජිකයින්ගේ අවශ්‍යතාවය විශාල ලෙස දැනෙන්නට විය. ඒ අනුව සංගමයට පලමුවම ඡායාරුප ශිල්පීන් තිදෙනෙකු එක් වන්නට විය.. ඒ තිවන්ක පෙරේරා, අන්ජුල ජයතුන්ග හා කවීන් මුහන්දිරම්ගේ ය. තවද ලිපි රචානා අංශයට මෙන්ම ගැෆික් නිර්මාණකරන අංශයට නවකයන් ගොන්නක් ඉතාමත් කෙටි කලයකින් එක් වන්නට විය. වසරක් ගතවන්නට මත්තයෙන් සාමජික සංඛයාව 50 ඉක්මවා යන්නට විය. නිලධාරී මන්ඩලයක් පත්විමේ අවශ්‍යතාවක් ඇති වූ බැවින් ඒ අනූව යමින් පත් වූ පලමු නිළධාරී මණ්ඩලය මෙසේයි නිලේන්ද්‍ර සරත්චන්ද්‍ර,වත්සල කරුනාතිලක,රජිදු ප්‍රභාශ්වර,තිවන්ක පෙරේරා, අන්ජුල ජයතුන්ග,කවීන් මුහන්දිරම්ගේ,හුස්නා තාසිම්, උදාරි අමරසිංහ, අශානි වීරසිංහ.

SLUG 2013  සමය  තුල එකදු ක්‍රීඩාවක් හෝ මඟ නොහැර J'pura Flames සියලු තරග සම්බන්ධව ජපුර ප්‍රජාව දැනුවත් කලේය. ඒ සමය තුල අධ්‍යාපනයට පමණක් කොටු වී සිටි සිසුන් තමන්ගේම ආදරණීය සොහොයුරු සොහොයුරියන් ක්‍රීඩා කරනු දැකගනීමට ඔවුන්ට ඔල්වරසන් දෙන්නට ඔවුන්ට දිරිය  දෙන්නට ක්‍රීඩා පිටි වලට රැගෙන එන්නට මානසිකත්වයක් ඇති කරන්නට J'pura Flames සමත් විය. SLUG 2013 අවසන් වූ පසූ විශ්වවිද්‍යාලය තුල සිදුවන සුවිෂේශි උත්සව සම්බන්දව ප්‍රජාව දැනුවත් කරමින් ජ'පුර තුල ජනමාධ්‍ය සංගමය වීමට අපි සමත් වුනෙමු.සියලු තතු සම්බන්දව කිසිදු පැත්තක්, පාටක් නොගනමින් ජ'පුර ප්‍රජාව දැනුවත් කිරීමේ කර්ය භාරය අපි නොපිරිහෙලා ඉටු කරන්නට වුනෙමු.
එසේ වසරක් ගාතවූ තැන දෙවැනිනිළධාරී මණ්ඩලය නවමු ලෙසින් J'pura Flames බාරගන්නට විය.ඔවුන් නමින් J'pura Flames Pride නම් විය.

මෙතෙක් කල්  J'pura Flames වලට ලියන්නේ සාමාජිකයන් පමණකි. නමුත් අද අපි එය වෙනස් කරමින් ඔබ  සැමට අදහස් දැක්වීමට වේදිකාවක් තනා ඇත්තෙමු. ඒ සබැඳියාව නම් වූ මෙකී බ්ලොග් පිටුව හරහා ඔබ සැමගේ හිතේ ඇදෙනා පුංචි  පුංචි නිර්මාණ වලට පිපෙන්නට ඉඩක් සලසා දීම හරහායි.එසේ නම් ආරාධනාව ඔබටයි .. සබැදෙන්නට අප සමග අතීතයේ මෙන්ම වර්තමානයේත්, අනාගතයේත්.........

Leave a Reply