Background

මගේ පැතුම.



නිසංසල ගං ඉවුර මත ගෙවුණු සැදෑවක,

ඔබ ඇවිත් මට කීවා ,

යන බවට කොළොම්තොට ,

නෙතඟ කදුලැලි තියන් පැතුවේ මම,

බුදුසරණ.

මාසයකුත් දවස් එකක් ගතවුණු විටක,

නුබ ආවා ගම්රටට ,

කලිසමක් ඇඳ හිරට.

එයින් පසු වසරකුත් දෙදවසක් ගිය විටෙක,

නුබ ආවා ගම්රටට ,

තවත් කලිසමක් එක්ක.

එයින් තව වසර තුනකුත් තෙදවසක් ගිය දිනක,

නුබ ආවා ගම්රටට ,

පුංචිම පුංචි නිල් පාට කලිසමක් එක්ක.

ඒත් ප්‍රිය සොඳුරියේ ,

මම තාම ගං ඉවුර මත ඉඳන් ඉන්නවා,

දකින්නට ඔබේ රුව,

නැතුව හිර කලිසමක්,

ඇතුව රතු මල් ගවුම..............



W.A.චාමර ප්‍රසන්න .
තෙවන වසර.
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය.

Categories: Share

Leave a Reply