Background

මමයි..... ඔයයි + එයයි

මා මළ පසු
සොහොන වටා....
සුදු වතුසුදු මල් පිපෙන්න
ඈ සමඟින්
ඇවිත් සබඳ,
මල් පැලයක් තබා යන්න.........

සොහොන් කොතේ
ගල් පඩියක,
ඉටි පහනක් තියා යන්න
ඒ එළියෙන්.........
නුඹෙයි ඇගෙයි
ජීවිතයම එළිය වෙන්න........

සඳ නැති රෑ,
තරැ එළියේ,
මා කියු ගී සිහි කරන්න......
ඒ ගීයෙන්
ඈ නළවා,
ඇගෙ සිත සුවපත් කරන්න.......

නුඹේ නමින්
පුතුන් පැතූ,
නුඹෙ කුමරිය නිඳන තැනට
ඇගේ නමින්
ලැබූ පුතුන්,
මතු දවසක රැගෙන එන්න.......

පවන්දි කෞෂිකා
ව්‍යවහාරික විද්‍යා පීඨය
තෙවන වසර


Categories: Share

Leave a Reply