Background

ඇරඹුම....

සෞන්දර්යවාදී මිනිසෙකුට හමුවන අපුර්වතම සංධිස්ථානයක් බවට සරසවිය පත් වෙන්නේ සහජයෙන් ලද උරුමය පන්නරය කර ගනිමින් බිහිකල නිර්මාණ එදත් අදත් හෙටත් කළ එළි බසින්නට දෙන්නා වු මනා පිටිවහල නිසාවෙනි. ශ්‍රී ලාංකේය සරසවි පද්ධතිය තුළ අද්වීතිය ස්ථානයක අභිමානනීය ලෙස කිරුළු පළන් ශ්‍රී ජයවර්ධනපුර සරසවිය, පෙරකී කලාකාමී හදවත් රැසක දුහිතෘ නිර්මාණයන් රැසකට පණ පෙවු තිඹිරි ගෙයකි. අතීතයෙත් වර්තමානයේත් පන්හිඳ, නිර්මාණශීලි මානවයෙකුට මානවිකාවකට හමුවන සොඳුරුතම අවියක්. ඇට මිදුළු නහර ඔස්සේ ගලාවිත් ඇඟිලි තුඩු අගින් පන්හිඳෙන් ගෙත්තම් වන ඔබේ ආදරණීය සිතුවිල්ලක් බෙදා හදා ගන්න සීමාන්තික ලෝකයක අසීමාන්තික ඉඩ හසරක් වෙන් කරන්නයි මෙකී ප්‍රයත්නය. ජ'පුර තිඹිරි ගෙයින් හෙට දින නිර්මාණශීලී විද්‍යාර්තීන් බිහි කරන්නට සුභාවිත සාහිත්‍යයක සුවඳ විඳින්නට ජ'පුර ෆ්ලේම්ස් තන්නා වු නවමු සොඳුරු තොටුපළයි මේ. 
කියන්නට බොහෝ දෑ ඇති. පුංචි පහේ ඉඩක් හොයන්නත් ඇති. .. ඉතින් මොකට කෝල වනවාද..?? නිර්මාණශීලී ඉමක හිඳ සිතේ ඇති දේ කියන්නට කල් ගනු කුමට.. මේ පුංචි ඩිජිටල් වේදිකාවේ පෙළහර පන්නට ආරාධනය ඔබටයි.. ඔබට පමණමයි..... ඇරඹුමට සටහන මුදිත සුදාරක

Categories: Share

Leave a Reply