Background

BSC

වැඩ නැහැ වගේ මුල් කාලේ ෆන් ගන්නේ අපිට නොදැනි සති පහළොව ගත ...වෙන්නේ විභාගයට නියමිත දින ...........එළඹෙන්නේ උතුරු දකුණ එතකොට නොවැ සිහි වෙන්නේ කාලේ කකා ලේක්චස් ටික cut.... ....කෙරුවා පිස්සු නටලා කරපුවා මතකත් .............නැතුවා එහෙන් මෙහෙන් ටියුට් කෑලි එක් කෙරුවා ගොඩ දා ගන්නට හැමදා ..............නිදිමැරුවා වියදම් කලෙමි ගහ ගන්නට ෆොටෝ කොපි පෙර කල කරුම විඳවනවා නොවේද අපි repeat ගොඩක් සත්තයි ඇත එකතු වේවි විභාගයේ හැම එකක්ම කෙලම ..........උනි උපාධියේ විශේෂ කම ලොවෙත් ........නැත genaral ලැබෙයි class එකට ලකුණු නැත අපිට ලැබෙන පළමු class හඳෙත් ... නැත යන්තම් BSC එක නමට ..................ඇත ලබන පාර මීට වඩා වැඩ .....කරමි A + නැතත් B + දෙක තුන ...ගනිමි ඊළඟ සෙම් එකේ ඒ බව සිතට ගමි එනමුත් පුරුදු පිස්සුව හැමදා නටමි

පබැඳුම - ප්‍රසාද් මදුරංග බොඹුවල

Categories: Share

Leave a Reply