එතෙක් නුඹ මට කවුරු නොවුනත් මගේ ඉපැරණි පෙම්වතී.....
එතෙක් නුඹ මට කවුරු නොවුනත් මගේ ඉපැරණි පෙම්වතී.....
දියෙන් දියබිඳ එකතුකරවා....සැඳූ ගංගා දිය වග
නොදන්නා තුරු බලා සිටිනා සසල මහ සාගර යද
ඇරඹුමක් ලඟ අවසනක් කල ගලන ගංගා දිය නුඹ
නිසල සයුරද නුඹට හිමිමය ඉඳින් නුඹ නවතිනු මැන...
පවන රලුවී හමන වරුසා නුඹේ දියකඳ වැඩි කර
දෙගොඩ උතුරා ගලායයි නුඹ බිඳුනු හිත් තව පොඩිකර
නුඹෙන් නැවතුනු හිතේ තහනම නුඹෙන් තව තව දැඩිකර
නුඹත් ගලනා මඟේ මම යමි පාලමින් නුඹ පහුකර.....
තුරුල සයුරට හිමිය නිතැතින් කොයි දෙසින් නුඹ එනවද
ඇවැසි නැත එය ඉඳින් මතුදා සයුරුදිය හා හාවෙන
ගඟට ඇරඹුම සමනලින් වුව ගලන ගඟ සමනල නොව....
සයුර සිපගත් ඉසව්වට හිමි නමයි ගඟකට හිමි වෙන...
දෙගොඩ උතුරා ගලන දිය සයුරකට හිමිවනු ඇත නිතී...
ගලන දිය නුඹ නිසා බබලනු ඇතිය නිති හිමි සඳ වතී...
නිසල සයුරට නුඹව හිමිමය තුටින් නම් නුඹ හිත වතී...
එතෙක් නුඹමට කවුරු නොවුනත් මගේ ඉපැරණි පෙම් වතී...
හසී.....
දෙවන වසර
ව්‍යවහාරික විද්‍යා පීඨය