එකතු කිරීමට නොව, කියවීමට...
සාහිත්‍ය
මාසය
ලඟ
ලඟම
එයි.
හදිසි
අනතුරකින් ඔත්පලවී ඇඳක්
උඩට
වී
සිටින
මට
ෆේස්
බුකියේ
රවුම්
ගැසීමත් නව
කතා
කියවීමත් හැර
මේ
දිනවල
වෙන
වැඩක්
නැත.
එසේ
යන
එන
අතරතුර
දක්නට
ලැබුණු
කිසියම් දෙයක්
ගැන
මෙසේ
සටහන්
කරනු
කැමැත්තෙමි.
මුහුණු
පොතේ
ඇති
දහසකුත් එකක්
වූ
කණ්ඩායම් අතර
පොත්
කියවන,
පොත්
වලට
ආදරය
කරන
පිරිස
එක්ව
තනා
ගන්නා
සාහිත්‍ය
කණ්ඩායම් ද
බහුලවෙයි. 'කියවීම' වැනි
මාතෘකාවක් පදනම්
කර
ගනිමින් එකතු
වන
කණ්ඩායමක් හුදු
FACEBOOK GROUP එකක්
බවට
පත්
නොවී
එතනින්
ඔබ්බට
ගොස්,
ඒ
වටා
එකතු
වී
සිටින
පිරිසගේ බුද්ධියට ආමන්ත්රනය
කල
යුතු
යැයි
මට
සිතේ.
නමුත්
වර්තමානයේ සමාජ
වෙබ්
අඩවි
වලින්
හමුවන
පාඨක
කණ්ඩායම් මගින්
එවැනි
ආකල්පමය සංවර්ධනයක් ඉටු
කරන්නේද යන්න
ගැටළුවකි. මේවායේ
බොහෝ
විට
දැකගත
හැක්කේ
එහි
සාමාජිකයන් විසින්
පලකරන
ලද
පොත්
එකතු
වල
ඡායාරූප පමණය.
කෙනෙක්
තමාගේ
පොත්
එකතුවක
ඡායාරූපයක් ප්රසිද්ධ
කිරීම
අපරාධයක් නොවේ.
ඇතැම්
අය
මුද්දර,
පැරණි
කාසි,
පිඟන්
බඩු
එකතු
කිරීම
විනොදාංශයක් වශයෙන්
කරයි.
එසේ
එකතු
කරන
ලද
දෑ,
ඒවා
අගය
කරන
පිරිසකට පෙන්වීමෙන් ලබන
ළමා
තෘප්තිය විඳගැනීමටද බොහෝ
දෙනා
ආශා
කරයි.
එහි
වරදක්
නැත.
එහෙත්
පොත්
යනු
එකතු
කරන
දෙයක්
නොවේ.
කියවන
දෙයකි.
නැත්නම් පුස්තකාල තිබීමෙන් කාටවත්
වැඩක්
නැත.
ඉතින්
කියවන්නට ඇති
දෙයක්
එකතු
කරන්නට
යාමෙහි
නොගැලපීමක් ඇති
බව
කියන්නත් දෙයක්ද!
අතේ
මිටේ
මුදල
ඇත්නම්
පොතක්
කියවීමට ප්රිය
තැනැත්තෙක් අනිවාර්යයෙන්ම පොතක්
මිලදී
ගැනීමටද පෙළඹෙයි. (අද බොහෝවිට පොත්
මිල
දී
ගැනීම
සාහිත්‍ය
මාසයට කොටු වන්නේ,
අපට
පොත්
කඩ
වලින්
වට්ටම්
ලැබෙන්නේ ඒ
කාලයේදී නිසාත්,
මැතිවරණ කාලයට
පරිප්පු කිලෝවේ
මිල
අඩු
කිරීමට
වලිකන
දේශපාලකයන් පොත්වලට වට්ටමක් දෙන්නට
හීනෙකින්වත් නොසිතන
නිසාත්ය). එසේ එකතු
කරගත්
පොත්
අනෙක්
අයට
පෙන්වන්නට යාමෙන්
සිදුවන්නේ පොත්
කියවන්නන්ගේ සංගම්,
පොත්
එකතු
කරන්නන්ගේ සංගම්
බවට
පෙරලීමය. 'කියවීම මිනිසා
සම්පූර්ණ කරයි'
නම් කියවා සම්පූර්ණ
වූ
තැනැත්තා, ' මා සම්පූර්ණ වූ
අයෙකි'ය
කියා
පිංතූර
දමා
කිවයුතු නොවේ.
පොත්
විෂයෙහි වඩා
වැදගත්
වනුයේ
ප්රමාණාත්මක
සාධකයට
වඩා
ගුණාත්මක සාධකය
ය
යන්න
මගේ
හැඟීමයි.
මෙසේ
පොත්
වල
පිංතූර
ප්රදර්ශනය
කිරීමට
යාමෙන්
සිදු
කරගන්නා තවත්
හානියක් ඇත.
එනම්
අපිම
අපේ
රසඥතාවය ලෝකය
ඉදිරියේ නිරුවත් කර
ගැනීමයි.මා
ප්රිය
කරන
දෙය
ඔබ
ප්රිය
නොකරනවා විය
හැක.
අපේ
රුචිකත්වය අප
ලඟ
ඇති
පොත්
වලින්
පිලිබිඹු වන
බැවින්,
අප
නොදන්නා බොහෝදෙනා ඒ
හරහා
අපිව
මැනගෙන
අප
නොදැනුවත්වම අපට
සිනාසෙනවා විය
හැකිය.
අද
බොහෝ පාඨකයන් අතර
ප්රචලිතව
ඇත්තේ
පරිවර්තනය කරන
ලද
රහස්
පරීක්ෂක කතා
හා
මැද
පෙරදිග
ස්ත්රීවාදී
කතා
වැනි
'රැල්ලේ
පොත්'ය.
'රැල්ලේ
පොත්'
එකතුකිරීමෙන් සිදු
වන්නේ
අතේ
සල්ලි
ඉවර
වීමත්,
අපේම
'බුද්ධිමය රසාංකුර' මොට
වීමත්,
එවැනි
රැල්ලේ
පොත්
මගින්
වපුරන
මතවාද
වලට
නොදැනීම අප
ගොදුරු
වීමත්
පමණය.
එබැවින් මෙලෙස
පොත්
වල
පිංතූර
දමමින්
'මට
පොත්
අච්චර
තිබෙනවා- මෙච්චර
තිබෙනවා' කියා
පම්පෝරි ගැසීමේ
ළදරු
ප්රීතිය
පසෙක
ලා,
එක
පොතක්
ගැන,
නැතහොත් කෙටි
කතාවක්
ගැන
විචාරයක් ලියා
පල
කරන්න.
ඔබේ
ඒ
විචාරය
ඇතැම්
විට
පොත
නොකියවූ කෙනෙක්
ඒ
පොත
කියවීමට පෙලඹවීමක් මෙන්ම,
කියවූ
කෙනෙක්
එහි
නොදුටු
මානයක්
දැකීමට
සලසවන්නක් වනු
ඇත.
නූතන
සයිබර්
අවකාශයේ අදහස්
දැක්වීමට ඇති
නිදහස
හා
පහසුව
උපයෝගී
කොට
ගනිමින් මේ
හරහා
සංසන්දනාත්මකව සිතීමේ
හැකියාවද පාඨකයින්ට ලැබෙනු
ඇත.
කොටින්ම අපට
'යකා
බැඳගෙන
වැඩ
ගනිමින්' කියවීමේ කලාවද
කාලීනව
මුවහත්
කරගත
හැකිය.
එවිට
ඊලඟ
සාහිත්‍ය
මාසයවත්, පොත්
එකතු
කරන්නන්ගේ මාසයක්
නොව,
පොත්
කියවන්නන්ගේ මාසයක්
වනු
ඇත.
යුරාජි
මහින්දදාස
තෙවන
වසර-ව්යවහාරික
විද්යා