පෙම් කවි...
පෙම් කවි...
දුටු මුල්වරින් ඔහු වෙත මා ඇද
ගත්ත
පිරිපුන් මුහුණ ඔහුගේ හැඩ
ගත්ත
ඔහු සිනහවයි මා ඔහු වෙත
ගත්ත
ඔහු නිල් දෙනයනයි මා හද
ගත්ත
කළඹා ගොස් ඇත හද සිතුවිලි
බෝම
මා විමසන නමුත් නැත ඔහුගේ
ඇල්ම
දුර සිට ඉදන් යොමනා නෙතු
කැල්ම
හද කිතිකවයි වරකදි බලනා
බැල්ම
කුමක් කරන්නද ඔහු ගෙන ගොස් ඇත මා
නින්ද
වදනක් දොඩමළු වන්න ලැබුනොත් ඇත
නින්ද
අහිමිව ඇත සැනසුම ඔහු රුව හෙයින් සිත බැන්ද
වන්නට පතමි මතුදා ඔහුගේ පෙම හද බැන්ද
හිත ගිය දුරක් ඉකිබිද කදුළු
සලා
අහසත් පොළොවත් එක මග නොවුනි වලා
දැවටී වෙලී යනු එක මග අත්
පටලා
පතනා නමුත් සිතිජය මිරිගුවකි
බලා
හද තුටු වු තරම් මල් සිහිනෙක පැටලීලා
ලියාලා ඇත බොළද කවි එළිවැට තියලා
සිහිනෙන් නමුදු සිතිජය එක් වුනිද ප්‍රේමෙන් වෙලිලා
යළිදු ලියාවිද මා පෙම් කවි වල්මත් වීලා
මාණී...